Tuesday, December 24, 2024

General line - 0115112241

පීඩන අවපාතයක් වර්ධනය වෙයි




බෙංගාල බොක්ක ආශි‍්‍රතව පවතින පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න පෙන්වා දෙන්නේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශි‍්‍රතව මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

දිවයිනට නැගෙනහිරින් පොතුවිල් සිට කිලෝමීටර් 1050 ක් පමණ දුරින් පවතින මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වර්ධනය වී වයඹ දෙසට ගමන් කරණු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර අද දිනයේද දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.