Friday, March 29, 2024

General line - 0115112241

සුමාත්‍රා ආශ්‍රිතව භූකම්පනයක්




ඉන්දුනිසියාවේ සුමාත‍්‍රා දූපත් ආශ‍්‍රිතව අද (07) අලුයම ප‍්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා.

එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපාංකයේ ඒකක 6 යි දශම 5ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

භූකම්පනය සිදුව ඇත්තේ සුමාත‍්‍රාවේ අචේ ප‍්‍රාන්තයට ආසන්නයේයි. භූකම්පනයෙන් පුද්ගලයින් විසිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය මීට නොබෝ වේලාවකට පෙර වාර්තා කළේ.

නිවාස හා ගොඩනැගිලිවලට හානි සිදුව තිබෙනවා. කෙසේ වෙතත් මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් ඇති වී නැහැ.

භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය පැවසුවේ මෙම භූකම්පනයෙන් ශී‍්‍ර ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි.

15327562_10211499751635755_1681532497_n 15415993_10211499751675756_829601161_n