Thursday, April 25, 2024

General line - 0115112241

ලොව විශිෂ්ටතම පාසල් දරුවන් සිටින රට හෙළිවෙයි




ලොව විශිෂ්ටතම දක්ෂතා සහිත පාසල් දරුවන් සිටින රටවල් පිළිබඳව ජාත්‍යන්තර අධ්‍යාපන දර්ශකයට අනුවයි තොරතුරු හෙළි කර තිබෙනවා.

ඒ අනුව ලොව විශිෂ්ටතම දක්ෂතා සහිත පාසල් දරුවන් සිටින රට බවට සිංගප්පූරුව තේරී පත්ව තිබෙනවා.

ගණිතය සහ විද්‍යාව යන විෂයන් සඳහා ලොව විශිෂ්ටතව දක්ෂතා දැක්වූ සිසුන් සිංගප්පූරුවේ සිටින බවයි එහි දැක්වෙන්නේ.

මෙම ජාත්‍යන්තර දර්ශකය සකස් කර ඇත්තේ 70 කට අධික රටවල් සංඛ්‍යාවක වයස අවුරුදු 15න් පහළ පාසල් සිසුන් ආශි‍්‍රතවයි.

එහි දෙවන ස්ථානය ජපානයටත්, 3 වන ස්ථානය එස්තෝනියාවටත් හිමිව තිබෙනවා. තායිවානය පසුවන්නේ එහි සිවුවන ස්ථානයේයි.

01

02

03

_92848581_reading_maths_800