Tuesday, December 24, 2024

General line - 0115112241

චීන භික්ෂුව තවම කටුනායක




බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රැඳී සිටින චීන ජාතික භික්ෂූණි වහන්සේගේ ගැටලුවට තවමත් නිසි විසඳුමක් ලැබී නැහැ.

මෙම භික්ෂුණි වහන්සේ දින 14ක කාලයක් කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්ත ලොබියේ රැදී සිටිනවා.

අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කරනු ලබන්නේ ගුවන්තොටුපොළ සේවකයින් සහ සංචාරකයින් විසින්.

නෙත් නිවුස් වෙත ඇමතූ ගුවන් තොටුපොළ සේවකයෙකු එ් සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී ඔහු පැවසුවේ ගුවන් තොටුපල නිලධාරීන් මේ පිළිබඳව එතරම් තැකීමක් සිදු නොකරන බවයි. භික්ෂුණි වහන්සේ ඕස්ට්‍රේලියාවට යෑමේ අවශ්‍යතාව කියා සිටින බවත් සඳහන් කළා. විදේශිකයෙක් දින ගණනාවක් ගුවන් තොටුපළේ රැඳී සිටීම ගුවන් තොටුපල බලධාරීන්ගේ දුර්වලතාවය නිසා සිදු වන්නක් බවද ඔහුන් චෝදනා කරනවා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ සභාපති සමන් එදිරිවීරගෙන්ද විමසීමක් කළා.

එහිදී ඔහු පැවසුවේ භික්ෂුණි වහන්සේට 25 වැනිදා තෙක් වීසා ලබා දී ඇති බවයි. භික්ෂුණි වහස්සේ ඕස්ට්‍රේලියාවට යෑම සඳහා වීසා සහ ටිකට් පතක් ඉල්ලා සිටින බවත් සඳහන් කළා. එය ඉටු කිරීමේ හැකියාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. භික්ෂුණි වහස්සේව බලහත්කාරයෙන් රටින් පිට කිරීමට කටයුතු කළහොත් එය වෙනත් ගැටලුවක් නිර්මාණය කිරීමක් බවද පෙන්වා දුන්නා.

මෙම චීන භික්ෂුණි වහන්සේ මෙරට පැමිණ තිබුණේ කැලණිය ප‍්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයකට අනුබද්ධිතව පවත්වාගෙන යන මහායාන බෞද්ධ විශ්ව විද්‍යාලයකට ඇතුළත්වීමටයි.

එහෙත් නවාතැන් පහසුකම් ලබාදීමට අවශ්‍ය ගොඩනැගිලි මෙතෙක් ඉදිකර නොමැති බැවින් මෙම භික්ෂුණි වහන්සේ භාර ගැනීම එහිදීද ප‍්‍රතික්‍ෂේප කර තිබුණා.

001 003

%e0%b6%a0%e0%b7%93%e0%b6%b1-%e0%b6%b7%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b7%80-1 %e0%b6%a0%e0%b7%93%e0%b6%b1-%e0%b6%b7%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b7%802 %e0%b6%a0%e0%b7%93%e0%b6%b1-%e0%b6%b7%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b7%803 %e0%b6%a0%e0%b7%93%e0%b6%b1-%e0%b6%b7%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b7%804 %e0%b6%a0%e0%b7%93%e0%b6%b1-%e0%b6%b7%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b7%805