Tuesday, September 24, 2024

General line - 0115112241

ලොකුම නත්තල් ගසේ වැඩ නවතී




කොළඹ ගාලූ මුවදොර පිටියේ ඉදිවෙමින් තිබූ ලොව උසම නත්තල් ගසේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.

නෙත් එෆ්.එම් රේඩියෝවේ අද (07) විකාශය වූ බැලුම්ගල වැඩසටහනින් අනාවරණ කෙරුණේද විශාල ධනස්කන්ධයක් වැය කරමින් ඉදිකෙරෙන ජනතාවට ප‍්‍රයෝජනයක් නොමැති මෙම නත්තල් ගස පිළිබඳවයි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අදාළ ඉදිකිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කළා.

මාධ්‍ය මගින් සහ කතෝලික පියවරුන්ගෙන් එල්ල වූ විවේචන හේතුවෙන් එම ඉදිකිරීම් තාවකාලිකව නතර කළ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

බොහෝ පාර්ශව ප‍්‍රකාශ කළේ නත්තල් ගස ඉදිකිරිම සඳහා වැය වන මුදල ප‍්‍රජා සත්කාර සඳහා යොදා ගන්නා ලෙසටයි. නත්තල් ගස ඉදිකිරීම නතර කිරීමෙන් පසු ඊට යෙද වූ මුදල් ප‍්‍රජා සත්කාර සඳහා යොදා ගන්නේදැයි නෙත් නිවුස් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළා. එහිදී ඔහු පැවසුවේ අවශ්‍ය සෑම අවස්ථාවකදීම වරාය පාර්ශවයෙන් සමාජ සත්කාරයන් සිදු කරන බවයි.