Tuesday, December 24, 2024

General line - 0115112241

කරුණා අම්මාන්ට ඇප




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට අද (07) ඇප හිමි වුණා.

එ් සිද්ධියට අදාළ නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදියි.

එහිදී රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4ක් මත ඔහු නිදහස් කරන ලෙසටයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි 9ක් පමණ වටිනා වෙඩි නොවදින ජීප් රථයක් සාපරාධී ලෙස පරිහරණය කළ බවට කරුණා අම්මාන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සැක සහිත බවට පවසමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවරා තිබූ නඩුව අවසන් කිරීමටද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද තීරණය කළා.

වෛද්‍ය මණඩලයක් මගින් සිදු කළ පරීක්ෂණයකින් පසු මීට පෙර නිකුත් කළ වෛද්‍ය වාර්කාවක දැක්වුණේ පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නොමැති බවයි.