Thursday, September 19, 2024

General line - 0115112241

මුහුදු මහා විහාරයේ නව විශ්‍රාමශාලාව අද විවෘත කෙරේ




නෙත් එෆ්. එම්. රේඩියෝවේ බැලුම්ගල වැඩසටහනේ තවත් සමාජ සත්කාරයක් ලෙස පොතුවිල් මුහුදු මහා විහාරයේ අභිනවයෙන් ඉදි කෙරුණු විශ‍්‍රාම ශාලාව අද (08) විවෘත කෙරෙනවා.

බැලුම්ගල වැඩසටහන මෙම සමාජ සත්කාරය සිදු කළේ රටපුරා මෙන්ම විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින්ගේ ද මූල්‍යාධාර ඇතිවයි.

ඔවුන් සියලු දෙනාට ගෞරවනීය ප‍්‍රශංසාව පල කරන බව පොතුවිල් මුහුදු මහා විහාරාධිපති පූජ්‍ය වරකාපොල ඉන්ද්‍රසිරි හිමියන් කියා සිටියා.

උතුරේ සහ නැගෙනහිර වෙහෙර විහාර පිළිසකර කිරීම සඳහා නෙත් එෆ්. එම්. රේඩියෝව ඉදිරියේදීත් පෙරමුණ ගෙන කටයුතු කරනවා.

ඒ සඳහා දායක වීමට ඔබටත් හැකියි. දායක මුදල් සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ දිරිය නෙත් ගිණුමට බැර කළ යුතු වනවා. ගිණුම් අංකය 000 460 002 117.

04