Thursday, September 19, 2024

General line - 0115112241

ජනවාරියේ සිට ශ‍්‍රී ලංකා රේගුවේ වෙනස්කම් කිහිපයක්




ලබන වසරේ ජනවාරී මස පළමු වනදා සිට ශ‍්‍රී ලංකා රේගුවේ වෙනස්කම් කිහිපයක් සිදු වන බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

මෙමගින් ආනයනකරුවන්ට වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදීමටත්, නීති විරෝධි ආනයනයන් වළක්වාලීමටත්, අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

“අපට අවශ්‍ය වෙන්නෙ ජනතාවගේ බදු බර අඩු කරන්නයි. ඒ සඳහා රේගුව වැනි ආයතන මගින් සේවා සඳහා නීත්‍යානූකූලව අයකර ගත හැකි හැම සතයක් ම අය කර ගන්න අවශ්‍යයි. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ හොඳම රේගුව පමණක් නොව ආසියාවේ හොඳම රේගුව බවට පත් කළ යුතුයි. ඒ නිසා නවීකරණයක් ද කළ යුතුයි.
ලබන වසරේ ජනවාරි පළමු වැනි දා ඉඳල අපි සියලු ආනයනකරුවන් ලියාපදිංචි කරනව, ඒ තුළින් තමයි අපි භාණ්ඩ නිදහස් කිරීම කරන්නෙ. පැය 48 ඇතුළත භාණ්ඩ නිදහස් කර ගන්න හැකියාව හදල දීල තියෙනවා. ඒ වගේ ම තමයි පැය 24ක් ඇතුළත භාණ්ඩයක් අපනයනය කරන්න අවස්ථාව තියෙනවා. ලබන අවුරුද්දෙ මාර්තු වෙද්දි රටට ඇතුළු වෙන හැම බහලුමක් ම ස්කෑන් පරීක්ෂාවකට ලක් කරන්න අපට හැකි වෙනවා. අඩු තක්සේරු මත භාණ්ඩ ආනයනය, ව්‍යාජ ලෙස භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් ම මේ යටතේ නවතියි කියල මම හිතනවා”

අමාත්‍ය රවී කරුණානායක මෙම අදහස් පල කළේ නව සහකාර රේගු අධිකාරීවරුන් 124 දෙනෙකුට පත්වීම් ලිපි ප‍්‍රදානය වෙනුවෙන් ඊයේ (07) පැවති උත්සවයකදීයි. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණා.

regu-www-nethnews-lk002 regu-www-nethnews-lk003 regu-www-nethnews-lk004 regu-www-nethnews-lk005

regu-www-nethnews-lk001