Thursday, September 19, 2024

General line - 0115112241

දුමින්ද සිල්වාගේ බන්ධනාගාර උපන්දින සාදය ගැන වාර්තාවක් කැඳවෙයි




මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් බන්ධනාගාරය තුළ උපන්දින සාදයක් පැවැත්වුණේදැයි වාර්තාවක් කැඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද පාර්ලිමේන්තුවේ දී පෙරේදා කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

බන්ධනාගාරය තුළ විශේෂ පහසුකම් සහිත සිර මැදිරියක් ප‍්‍රභූවරුන් වෙනුවෙන් පවත්වාගෙන යන බව ද හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය පාර්ලිමේන්තුවේ දී කියා සිටියා. එහෙත් එම චෝදනාව ද ප‍්‍රතික්ෂේප කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ.

රැඳවූවන් අනවශ්‍ය ලෙස රෝහල්ගත කරන බවට බන්ධනාගාරයට එල්ල වන චෝදනාවලට ද බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ප‍්‍රතිචාර දැක්වූවා.හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරයා කියා සිටියේ රැඳවූවන් මෙලෙස රෝහල්ගත කර ගැනීමට පාදක කර ගන්නා වෛද්‍ය වාර්තා බොහෝමයක් නිවැරදි නොවන බවයි.

බන්ධනාගාර රෝහලේ දැනට ප‍්‍රතිකාර ලබන රැදවූවන් ගණන 250 දෙනෙකු බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.