Saturday, April 20, 2024

General line - 0115112241

පාකිස්ථාන ගුවන් අනතුරෙන් ජනප‍්‍රිය පොප් ගායකයෙකුත් මරුට?




මගීන් 47 දෙනෙකු සමග ඊයේ (07) අනතුරට ලක් වූ පාකිස්තාන අන්තර්ජාතික ගුවන් සේවයට අයත් යානයේ ගමන් කළ සියලු දෙනා මිය යන්නට ඇතැයි සැක පල වනවා.

සිරුරු විස්සක් පමණ දැනටමත් සොයාගෙන තිබෙන බවයි ඇතැම් විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.

පාකිස්තානයේ ජනප‍්‍රිය පොප් ගායකයෙකු වන ජුනයිඩ් ජම්සීඩ් ද මෙම යානයේ ගමන් කරමින් සිටියා.

අනතුර සිදු වුණේ යානය පාකිස්තානයේ චිට්රාල් ප‍්‍රදේශයේ සිට ඉස්ලාමාබාද් දක්වා පියාසර කරමින් තිබියදීයි.

plane-crash-2 plane-crash-3 plane-crash-4 plane-crash-5 plane-crash-6 plane-crash-7 plane-crash-8