Thursday, September 19, 2024

General line - 0115112241

පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්




පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ඒ. ජේ. සී. සමරසිංහගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ, ප‍්‍රතිපුරුෂ වගකීම නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන්.

කුරුණෑගල දී ඉකුත්දා සිදු කෙරුණු උප පොලිස් පරීක්ෂකවරයාගේ ඝාතනය පානදුර දකුණ පොලිස් ස්ථානයෙන් අස්ථානගත වූ ගිනි අවියකින් සිදුකර ඇතැයි විමර්ශනවල දී හෙළි වී තිබෙනවා.

එම ගිනි අවිය සහ තවත් ගිනි අවි දෙකක් පානදුර දකුණ පොලිස් ස්ථානයෙන් අස්ථානගත වී ඇත්තේ ඉකුත් 2014 – 2015 සමයේදීයි. එහි සේවය කළ පොලිස් සැරයන්වරයෙකු විසින් ඒවා සොරාගත් බව පසුව අනාවරණ කර ගැණුනා. ඒ අනුව කළ විමර්ශනවල දී සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගැණුනු නමුත් සොරාගත් ගිනි අවිවලින් සොයා ගැනීමට හැකි වූයේ එක් ගිනි අවියක් පමණයි.

පානදුර දකුණ පොලිසියේ ගිනි අවි මෙලෙස අස්ථානගත වීම සම්බන්ධයෙන් මීට පෙර එහි සේවය කළ තවත් සැරයන්වරුන් දෙදෙනෙකුගේ ද වැඩ තහනම් කෙරුණා.