Friday, April 19, 2024

General line - 0115112241

සිසේරියන් සැත්කම් නිසා කාන්තා සිරුරට සිදුවිය හැකි වෙනසක් අධ්‍යයනයකින් හෙලිවෙයි




දරු උපත් සඳහා සිසේරියන් සැත්කම වැඩි වශයෙන් භාවිත කිරීම මගින් කාන්තා සිරුරේ සැකැස්ම වෙනස් විය හැකි බව විද්‍යාත්මක අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

මෙම අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයින් උපුටා දක්වමින් බී. බී. සී. ලෝක සේවය පවසන්නේ ස්වභාවික දරු ප‍්‍රසූතියක් සඳහා කාන්තා සිරුරේ ඇතිවිය යුතු සූදානම පරම්පරාවෙන් පරම්පරාවට ජාන මගින් උරුම වීම මෙමගින් සීමා විය හැකි බවයි.

මෙහි අවසන් ප‍්‍රතිඵලය ලෙස ස්වභාවික දරු ප‍්‍රසූතියක් සඳහා කාන්තාවකට ඇති හැකියාව අනාගතයේ දී නැති වී යාමට ද ඉඩ ඇති බව විද්‍යාඥයින් ප‍්‍රකාශ කර තිබෙනවා.