කොළඹ වරාය ආපන ශාලාවේ හටගත් ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද (08) අලූයම ඇති වූ මෙම ගින්න හේතුවෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරෙනවා.