Tuesday, December 24, 2024

General line - 0115112241

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ජනවාරි 11




සියලූම රජයේ පාසල් සහ පෞද්ගලික පාසල්වල 2017 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ජනවාරි 11 වෙනිදා සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව 2017 වසරේ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම එදිනට සිදුකරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී ඇත්තේ.

2017 ජනවාරි මස 11 වෙනි දිනට ප‍්‍රථම පළමු ශ්‍රේණිය සඳහා තෝරාගත් සිසුන් හඳුනා ගැනීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.