Tuesday, December 24, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව ගැන පැතිරෙන කතාව බොරුවක්




අයවැය විවාදයෙන් පසු පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට කටයුතු කෙරෙන බවට පළ වන වාර්තා අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡාවට ගන්නා තුරු එවැන්නක් කිසිසේත් සිදුනොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

යෝජිත පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක‍්‍රමය යටතේ ලබන ජුනි මාසයේ පැවැත්වීමට හැකි වනු ඇති බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.