Tuesday, December 24, 2024

General line - 0115112241

අනාගත ආණ්ඩුවේ FCIDයට ගෙනියන පළමුවැනියා මෙන්න…




හම්බන්තොට වරාය අක්කර 4000ක ඉඩම් ප‍්‍රමාණයක් සමග චීන සමාගමකට විකිණීම අද (08) දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මන්තී‍්‍රීවරයා ඒ පිළිබඳ කරුණු අනාවරණ කළා.

වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා මීට අදාළ ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. එසේ වුවහොත් අනාගතයේදී මුහුණපෑමට සිදුවන තත්ත්වයක් පිළිබඳව ද විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා මෙහිදී අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ අනාගත ආණ්ඩුවේ FCIDය වෙත ගෙනයනු ලබන පළමු පුද්ගලයා වන්නේ වත්මන් වරාජ හා නාවික අමාත්‍යංශයේ ලේකම්වරයා බවය.