Thursday, September 19, 2024

General line - 0115112241

දූෂණ විරෝධි දිනය අදයි – ජනපති ප‍්‍රධානත්වයෙන් සමුළුවක්




අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සංවිධාන කෙරෙන දූෂණ විරෝධි ජාතික සමුළුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (09) කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා.

“සමුළුවේ මූලික පරමාර්ථය දැනුවත් කරන එක. බොහෝවෙලාවට අල්ලස වැලැක්වීම සඳහා අපි පියවර ගතයුතුයි. අල්ලසක් ගත්තට පසුව , දූෂණයක් වුනාට පසුව කොමිෂන් සභාව විසින් අවශ්‍ය පියවර ගනී. දැන් අපේ මූලික පරමාර්ථය අනාගතයේදී අල්ලසක් ගන්නවනම් , දූෂණයක් සිදුකරනවනම් , වත්කම් ප්‍රකාශ දෙන්නේ නැත්නම් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ජනතාව පෙළගස්වන එක. ඒ අරමුණ සාක්ෂාත් කරගන්න තමයි මේ සමුළුවේ මූලික සැලැස්ම හදලා තියෙන්නේ”.