Thursday, September 19, 2024

General line - 0115112241

රිය අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනෙක් මරුට




කතරගම – බුත්තල මාර්ගයේ වල්ලිඅම්මාආර ප‍්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පස් හැවිරිදි කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.

එම දරුවා සහ තවත් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි ගෝනගංආර පොලිසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූ ඔවුන් තිදෙනා බුත්තල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුඩා දරුවා මියගොස් තිබෙනවා.

මේ අතර සිය මව ඉදිරිපිටදීම ලංගම බස් රථයකට යට වී තුන් හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධියක් අනුරාධපුර පුසියන්කුළම හතරේ කණුව ප‍්‍රදේශයෙන් වාර්තා වුණා.

සිය නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටි මව සිටි තැනට යමින් සිටිය දී දරුවා ලංගම බස් රථයේ ගැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

තුවාල ලැබූ දරුවා රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇති බව ද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.