Thursday, September 19, 2024

General line - 0115112241

චීනය සහ රජය අතර පැවැති ගැටළු අවසන් – ඇමති රාජිත




චීනය සහ ශ‍්‍රී ලංකාවේ නව රජය අතර පැවති යම් යම් ගැටළු මේ වනවිට විසඳී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ශ‍්‍රී ලංකාවේ විශේෂිත මිත‍්‍රයෙක් වන චීනය මේ වනවිට ආධාර රැසක් ලබා දී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

චීනය සහ ශ‍්‍රී ලංකාව අතර මිත‍්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් චීනයේ ලයිෆ් ලයින් එක්ස්ප‍්‍රස් (Life Line Express) සංවිධානය විදේශීය රටක දී පවත්වන ප‍්‍රථම අක්ෂි සායනය කළුතර නාගොඩ මහ රෝහලේ දී ඉකුත් දා ආරම්භ වුණා.

එම අවස්ථාවට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

දින 30 ක් තුළ අක්ෂි ශල්‍යකර්ම පන්සියයක් චීනයේ පීකිං වෛද්‍ය විද්‍යාලයේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් විසින් මෙම වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝනොවන රෝග) චම්පිකා වික්‍රමසිංහ , චීනයේ ශ්‍රී ලංකා තානාපති ඊෂියැන් යැන්ග්, කළුතර මහ රෝහලේ අධ්‍යක්ෂ ප්‍රදීප් විජේසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

rajitha-www-nethnews-lk001 rajitha-www-nethnews-lk002 rajitha-www-nethnews-lk003