Thursday, September 19, 2024

General line - 0115112241

තවුහිද් ජමාද් ලේකම්ට ඇප




බුදු දහමට අපහාස වන පරිදි ප‍්‍රකාශයන් සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් දැඩි ඇප කොන්දේසි මත අද මුදා හැරුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලන්සූරියගේ නියෝගයකට අනුවයි.

ඒ අනුව රුපියල් දස දහසේ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙසයි අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.