සාමාන්‍ය පෙළ විභාගයේ නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය විෂයේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට අවශ්‍ය කඩදාසි නිසි ලෙස ලබා නොදුන් බවට අයදුම්කරුවන් පිරිසක් මැසිවිලි නගනවා.
මෙලෙස මැසිවිලි නගන්නේ බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයීය විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්ප කුමාරගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් වෙත මේ දක්වා වාර්තා වී නොමැති බවයි. පැමිණිල්ලක් ලැබුණහොත් ඊට අදාළව විමර්ශනයක් සිදු කළ හැකි බව ද ඔහු කියා සිටියා.