Friday, September 20, 2024

General line - 0115112241

අයස්කාන්තය සාර්ථකව අවසන්…




නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කළ අයස්කාන්තය ප‍්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේ දී අති සාර්ථකව නිමාව දුටුවා. ඒ, දසදෙසින් පැමිණ සිටි සුවහසක් පේ‍්‍රක්ෂකයින්ගේ ප‍්‍රසාදය මධ්‍යයේයි. වායෝ සංගීතවත් කළ ප‍්‍රසංගයේ දී ප‍්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ තරු දරුවන් ගීතවත් වුණේ රැස්ව සිටි පේ‍්‍රක්ෂකයින්ගේ නොමද ආකර්ෂණය දිනා ගනිමින්.

රයිනි චාරුකා ගුණතිලක, නදීමාල් පෙරේරා, සනුක වික‍්‍රමසිංහ හා දිල්මින් පෙරේරා මෙහි දී ගීතවත් වුණා. ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය සනත් නන්දසිරි ද මෙහි දී ගීත දෙකක් ගායනා කළේ රැුස්ව සිටි පේ‍්‍රක්ෂකයින්ගේ ගෞරව ආදරයට ලක්වෙමින්.

මෙහි දී සනත් නන්දසිරි මහාචාර්ය තුමන් වෙත නෙත් එෆ්. එම්. රේඩියෝව විශේෂ තිළිණයක් ද ලබා දුන්නා. මේ ප‍්‍රසංගයෙන් පසු නෙත් නිවුස් වෙත අදහස් දැක් වූ මහාචාර්ය සනත් නන්දසිරි පැවසුවේ අයස්කාන්තය අයස්කාන්තයක්ම බවය. සමොන්‍යෙයන් මෙවැනි ප්‍රසංගයක් අවසන්වන තෙක් තමා නොරඹන බව පැවසූ ඔහු මෙම ප්‍රසංගය අවසන්වනතෙක්ම නරඹන්නට සිත්වූ බව පැවසුවා. නවකයන්ට අතදීම මහත් පිංකමක් බවද ඔහු පවසනවා.

අයස්කාන්තයේ අත්දැකීම් විඳගත් පේ‍්‍රක්ෂකයින් ද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පල කළා.