Friday, September 20, 2024

General line - 0115112241

Airtel ශී‍්‍ර ලංකාවේ වේගවත්ම 3G අන්තර්ජාල සේවා සැපයුම්කරු වෙයි…




ශී‍්‍ර ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ Huawei Technologies Lanka Co (PVT) LTD විසින් සිදුකරන ලද ස්වාධීන සමීක්ෂණයකින් ශී‍්‍ර ලංකාවේ වේගවත්ම 3G අන්තර්ජාල සේවා සැපයුම්කරු එයාර්ටෙල් බව අනාවරණය කරගෙන තිබේ. විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අන්තජාල download speed (බාගත වේගය) මැනීම පමණක් තම අධ්‍යනය සඳහා පාදක කරගත් අතර Huawei Technologies Lanka Co (PVT) LTD විසින් file upload speed ( ගොනු උඩුගත වේගය), browsing speed (සැරිසරන වේගයන්) සහ PING delays වැනි විවිධ මිනුම් භාවිතා කරන ලදී. සමීක්ෂණ කටයුතු දිවයිනේ සියලූ ප‍්‍රදේශ ආවරණය වන ආකාරයට සිදු කරන ලද අතර එහිදී එයාර්ටෙල් එහි තරඟකාරී සමාගම් අතරින් මුල් තැනට පත්වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජිනේෂ් හෙග්දේ මහතා ‘අපි අපේ පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල අත්දැකීම වැඩිදියුණු කිරීමට පසුගිය වසරේ විශාල වැඩ කොටසක් සිදුකළා. මෙරට ජනතාවගේ ආදායම් මට්ටම හා ඔවුන් භාවිතාකරන ජංගම උපාංගයේ ස්වභාවය කුමන තත්වයේ තිබුනත් එය නොසලකා සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට අන්තර්ජාලය වෙත ප‍්‍රවේශ වියහැකි තාක්ෂණයක් හදුන්වාදීමට අපගේ අවධානය යොමු වී තියෙනවා.’

Smart cache technology (ස්මාර්ට් පූර්වාපේක්ෂිත තාක්ෂණය) 40% ක වර්ධන වේගයක් ලබා තිබීම හේතුවෙන් අපේ අන්තර්ජාල පහසුකම් ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකියි. එයාර්ටෙල් අංක එකේ අන්තර්ජාල සේවා සැපයුම්කරු ලෙස පිළිගැනීම අපගේ කණ්ඩායම කැපවීමෙන් වී වැඩ කරන බවට ලැබුනු හොඳම සාක්ෂියයි. සැබවින්ම මෙමගින් ඔවුන්ගේ වෙහෙස මහන්සියට සාධාරණයක් ඉටු වී තියෙනවා. එයාර්ටෙල් පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල අත්දැකීම් වැඩි දියුණු කරමින් අපගේ ආයතනික මෙහෙවර වන ශී‍්‍ර ලාංකිකයන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ කියාවලිය ඉදිරියටත් සිදුකිරීම අපගේ බලාපොරොත්තුවයි.

Huawei Technologies Lanka Co (PVT) LTD හි කළමණාකරන සේවා අධ්‍යක්ෂ අමිට් එන් ශී‍්‍රවාස්තව් අදහස් දක්වමින් ‘දැනට පවතින කළමනාකරණය සේවා ගිවිසුම යටතේ, අපි විසින් එයාර්ටෙල් ලංකා සමාගම සතු මෙරට ජංගම දුරකථන ජාලය පිළිබඳව 2016 වසර අග භාගයේදී මිණුම් සලකුණු පරීක්ෂණයක් සිදුකලා. මෙම සළකුණු පරික්ෂණය ශී‍්‍ර ලංකාව පුරා පිහිටි පෙර තීරණය කර තෝරාගත් ප‍්‍රදේශ ආවරණය වන පරිදි සිදුකල අතර එහිදී එයාර්ටෙල් ජංගම දුරකතන ජාලය මෙරට තිබෙන අනෙකුත් ජංගම දුරකථන සමාගම් ජාලයන් සමඟින් සංසන්දනය කිරීම සිදුවුනා.’ යැයි පැවසුවා.

විදුලි සංදේශ නියාමන කොමිසමේ පරීක්ෂණ කටයුතු මාසිකව තනි ස්ථානයක දී සිදු කරන අතර ඔවුන්ගේ වෙබ් අඩවිය වන www.trc.gov.lk මගින් ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරනු ලැබේ. නොවැම්බර් මාසයේ ඔවුන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව එයාර්ටෙල් 3G ජාලය 14.75 Mpbs ක උපරිම වේගයක් සහ 6.17 Mpbs ක සාමාන්‍ය වේගයක් ලබා දී ඇත.

Huawei සමාගම විසින් සිදුකළ සමීක්ෂණයේ දී කොළඹ ඇතුලූ ගම්පහ, මහනුවර, කළුතර, රත්නපුර හා උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වැනි ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන නගර බොහෝමයක් ආවරණය වන පරිදි සමීක්ෂණය සිදුකළ අතර රට තුළ පිහිටි මාර්ග පද්ධතියෙන් කිලෝමීටර් 7000 කට වඩා වැඩි ප‍්‍රමාණයක් ද ආවරණය කරන ලදී. දකුණු කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ A1 මාර්ගය- නුවර පාර, කොළඹ A2 මාර්ගය- කතරගම පාර, A9 මහනුවර – යාපනය මාර්ගය, නැගෙනහිර පළාත තුළ පිහිටි A4 මාර්ගයේ සමහර කොටස් සහ වෙනත් බොහෝ ප‍්‍රධාන මාර්ග මේ සඳහා ඇතුළත් විය.

භාරතී එයාටෙල් ලංකා සමාගම 2009 වර්ෂයේ ජනවාරි 12 වන දින ශී‍්‍ර ලංකාවේ සිය සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අතර, මේ කාලය ඇතුළත මෙරට මිලියනයක් පමණ වූ සිය පාරිභෝගිකයන්ට සේවාවන් සපයමින් වේගවත්ම සේවා සපයන්නා බවට පත් වී සිටියි. තවද දිවයිනේ විවිධ ප‍්‍රදේශවල මෙහෙයුම් කටයුතු සිදුකරමින එයාර්ටෙල් වසර තුනකට වඩා අඩු කාලයක් තුළ ශී‍්‍ර ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන සේවා ජාලය බවට ද පත් වී තිබේ. ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි එයාටෙල් ලංකා මෙරටට අවශ්‍ය හඬ, දත්ත හා ව්‍යවසාය විසඳුම් ඇතුළත් වන ඩිජිටල් ජංගම සේවා සපයන ලැබේ.

00000