Friday, September 20, 2024

General line - 0115112241

කොට්ඨාශ 30ක සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු අවලංගුයි – 25000 දඩය අතළඟ




කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ඩෙංගු අවදානම් තත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

මේ තත්වය මැඩලීම සඳහා හෙට (12) සිට දිවයින පුරා අඛන්ඩව ඩෙංගු මර්ධන වැඩසටහන් අරඹන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ හේතුවෙන් ඩෙංගු අවදානම් තත්වය දක්වා වර්ධනය වී ඇති දිස්ත්‍රික්ක 10ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 30ක නිලධාරීන්ගේ නිවාඩු ඩෙංගු අවදානම් තත්වය අවසන්වනතුරු අවලංගු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයකර තිබෙනවා.

ඩෙංගු බෝවන ස්ථාන සහිත පරිශ්‍රයන්හි හිමිකරුවන්ගෙන් රුපියල් 25000ක දඩ අයකරගැනීමට අදාල ගැසට් නිවේදනයක්ද නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.