Friday, September 20, 2024

General line - 0115112241

සාමය ගැන කොළොම්බියාව ශ‍්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගනියි




කොළොම්බියාවේ සාම ක‍්‍රියාවලියේ දී ශ‍්‍රී ලංකාවෙන් ද ආදර්ශ ලබාගත් බව එරට ජනාධිපති Juan Manuel Santos පවසනවා.

ඔහු කියා සිටියේ සාම ක‍්‍රියාවලියේ දී සමාජ ඒකාග‍්‍රතාවය ගොඩනැගීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව සමග සාකච්ඡා කළ බවයි. ඒ සම්බන්ධයෙන් ඇතැම් අත්දැකීම් දෙපාර්ශවය අතර හුවමාරු කරගත් බව ද කොළොම්බියානු ජනාධිපතිවරයා පැවසුවා.

නෝර්වේහි ඔස්ලෝ අගනුවර පැවති නොබෙල් ත්‍යාග සම්මාන උළෙලට පෙර පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පල කළ බවයි බී බී සී ලෝක සේවයේ දැක්වෙන්නේ.

එහි දී කොළොම්බියානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ දෙරටේ ආවේණික තත්වයන් ඇති බැවින් සාම ක‍්‍රියාවලියේ දී කොළොම්බියාව ශ‍්‍රී ලංකාව අනුගමනය කිරීමක් සිදු නොකළ බවයි.