Friday, September 20, 2024

General line - 0115112241

දුමින්දගේ උපන්දින සාදය ගැන බන්ධනාගාර බුද්ධි අංශය සෙවිල්ලෙන්




මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් බන්ධනාගාරයේ දී පැවති උපන් දින සාදය සම්බන්ධයෙන් තවත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු තීරණය කර තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාර බුද්ධි අංශ ලවා නැවත ඒ පිළිබඳ සොයා බැලීමටයි තීරණය කර ඇත්තේ. ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (10) පල කළ අදහස් හේතුවෙන්.

කෙසේ වෙතත් නෙත් නිවුස් මීට පෙර කළ විමසීමක දී බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පැවසුවේ එවැනි උපන් දින සාදයක් සම්බන්ධයෙන් සාක්ෂි නොමැති බවයි.