Friday, September 20, 2024

General line - 0115112241

යාචක වෙස්ගත් ලියාපදිංචි අපරාධකරුවන් දෙදෙනෙකු කොටුවෙයි




යාචක වෙස් ගෙන මාතලේ නගරයේ ගැවසුන ලියාපදිංචි අපරාධකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනා.

මාතලේ නගරයේ සිඟමනේ යෙදුණු තවත් 17 දෙනෙකුද මෙහිදි අත්අඩංගුවට ගැණුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

මෙම පිරිස රාත‍්‍රී කාලයට පොදු ස්ථානවල ගැවසෙමින් ඝෝෂාකාරී හා කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් මුහුණපෑමට සිදුව ඇති ගැහැට පිළිබඳ මීට පෙර අවස්ථා කිහිපයකදී මහජන නියෝජිතයන් විසින් පැමිණිලි කර තිබුණා.

අදාළ වැටලීම ඒ අනුව සිදු කෙරුණු බවයි පොලිසිය කියා සිටියේ.