Friday, September 20, 2024

General line - 0115112241

ඊජිප්තුවේ කයිරෝ නුවර පිපිරීමකින් 20ක් මරුට (VIDEO)




ඊජිප්තුවේ අගනගරය වන කයිරෝහි සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට රාජ්‍ය රූපවාහිනිය පැවසුවේ.

පල්ලියක් ඇතුළත මෙම පිපිරීම සිදුව තිබෙනවා. කිසිඳු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් තවමත් මෙහි වගකීම භාර ගෙන නැහැ.

ඉකුත් සිකුරාදාද කයිරෝ නුවරට ආසන්න ප‍්‍රදේශ දෙකකදී පිපිරීම් සිදු වුණා. එම පිපිරීම්වලින් පොලිස් නිලධාරීන් 06 දෙනෙකු මිය ගොස් තවත් 07 දෙනෙකු තුවාල ලැබූ බවයි රොයිටර් පුවත් සේවය කියා සිටියේ.

මේ අතර තුර්කියේ ඉස්තාන්බුල් නුවර පාපන්දු ක‍්‍රීඩාංගණයක් අසළ ඊයේ (10) රාත‍්‍රියේ පිපිරීම් 02ක් සිදුවුණා. ඒවායින් මිය ගිය සංඛ්‍යාව 29දෙනෙකු බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ. තවත් 166 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.