Friday, September 20, 2024

General line - 0115112241

දැනුම්දීමකින් තොරව විදුලිය විසන්ධි කළායැයි කඩවතින් මහජන පැමිණිල්ලක්




ප‍්‍රමාණවත් දැනුම්දීමක් නොමැතිව විදුලිය විසන්ධි කිරීම නිසා තමන් පීඩාවට පත්ව සිටින බව කඩවත ප‍්‍රදේශවාසීන් පවසනවා. උදෑසන 8 සිට සවස 5දක්වා මෙලෙස විදුලිය විසන්ධි කර ඇති බවයි ඔවුන් කියා සිටියේ. එම හඬපටය පහතින් ඇසිය හැක.

අද සහ හෙට දින දෙකම රජයේ නිවාඩු දින වනවා. එබැවින් බොහෝ පිරිස් මෙම දින දෙකේදී නිවෙස්වල රැඳී සිටින බවත් එවැනි දිනවල විදුලිය විසන්ධි කිරීම සාධාරණ නොවන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කැලණිය ප‍්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලයෙන්ද විමසීමක් කළත් එහි ප‍්‍රකාශකයෙකු පැවසූවේ අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ අලුත්වැඩියාවක් සඳහා කඩවත ප‍්‍රදේශයේ විදුලි විසන්ධි කිරීමක් සිදු කළ බවයි.

අදාළ රැහැන් පද්ධතිය ප‍්‍රධාන මාර්ගය හරහාද වැටී ඇති බැවින් රාජකාරී දිනයකදී මෙම අලුත්වැඩියාව සිදු කළහොත් වඩා වැඩි අවහිරයක් ඇති වන බවයි ඔහු වැඩි දුරටත් පැවසූවේ. අලුත්වැඩියාව සඳහා නිවාඩු දින යොදා ගත්තේ ඒ නිසා බවද ප‍්‍රකාශ කෙරුණා.