Friday, September 20, 2024

General line - 0115112241

සිරිපා සමය ඇරඹීමට මුලික කටයුතු ඇරඹෙයි




2016, 2017 ශී‍්‍ර පාද වන්දනා සමය ආරම්භ කිරීම වෙනුවෙන් ශී‍්‍රපාද උඩමළුවට වැඩම කරවීම සදහා පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප‍්‍රතිමාව අද (11) කුටියෙන් ඉවතට ගැණෙනවා.

සැදැහැවතුන්ට එම දේව ප‍්‍රතිමාව වැඳපුදා ගැනීමටද අවස්ථාව හිමිවනු ඇති. සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්මදේශණාවක්ද ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේදී අද සිදු කෙරෙනවා.

සමන්දේව ප‍්‍රතිමාව, දේවාභරණ සහ සධාතුක කරඩුව රැගත් පෙරහැර හෙට (12) ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මාර්ග තුනක් ඔස්සේ එම පෙරහැර ශි‍්‍රපාද උඩමළුව දක්වා ගමන් කරනවා.