Friday, September 20, 2024

General line - 0115112241

මාධ්‍යවේදියෙකුට පහරදීම ගැන පූර්ණ පරීක්‍ෂණයක්




හම්බන්තොට මාගම්පුර වරායේ ඊයේ (10) ඇතිවූ නොසන්සුන්තාව අතරවාරයේදී මාධ්‍යවේදීයෙකුට කෙරුණු පහරදීම සම්බන්ධයෙන් මේ වනවිටත් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රජයේ ප‍්‍රවාත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ගැටුම් වාර්තාකරණයේදි පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර පවා අදාළ මාධ්‍යවේදියා විසින් පැහැරහැර ඇතැයිද පහර දීමට පාදක වි ඇත්තේ එම කරුණු බවද එහිදී අනාවරණය වී ඇතැයි රජයේ ප‍්‍රවාත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාව පවසන්නේ වරායක් හා සම්බන්ධව ඊයේ (10) ඇති වූ ආකාරයේ සිද්ධියකදී රටක නාවික හමුදාපතිවරයාගේ පෞද්ගලික මැදිහත්විම අන්තර්ජාතික නීතියට අනුව අත්‍යවශ්‍ය කරුණක් බවයි.

හම්බන්තොට මාගම්පුර වරායේ ඊයේ කෙරුණු මෙහෙයුමේදී නාවික හමුදාපතිවරයාද එම පරිශ‍්‍රයේ රැඳී සිටියේ ඒ අනුව බව නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර හම්බන්තොට මාගම්පුර වරායේ ඊයේ (10) ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිගෙන්ද විමසිමක් කලා.

වරායේ සහ නැව්වල ආරක්ෂාව සඳහා නාවික හමුදාව මැදිහත්වීම වරදක් නොවන බවයි ඔහු කියා සිටියේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් නාවික හමුදාවෙන් වාර්තාවක් කැඳවා තිබෙන බවද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී කියා සිටියා.

අදාළ සිදුවීම පහතින් දැක්වේ

දර්ශණ අනුග්‍රහය අද දෙරණ

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

scan