Friday, September 20, 2024

General line - 0115112241

දකුණු අධිවේගයේ ආදායම් වාර්තා යළි අලුත් වෙයි




අධිවේගී මාර්ගවලින් මෙම වසරේ දිනකදී ලැබුණු වැඩිම ආදායම ඊයේ (10) වාර්තා වී තිබෙනවා.

අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමණාකරණ අධ්‍යක්‍ෂ එස් ඕපනායක ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා.

“මේ වසරේ ඊයේ තමයි වැඩිම වාහන සංඛ්‍යාවක් ධාවනය වෙලා තියෙන්නෙත්, වැඩිම ආදායමක් මේ වර්ශයේ වාර්තා වෙලා තියෙන්නෙත්. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ පමණක් රුපියල් මිලියන 17.06 විතර වෙනවා. සම්පූර්ණ ආදායම අධිවේගී මාර්ගවල රුපියල් මිලියන 26.05ක් විතර වනවා”.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දිනක සාමාන්‍ය ආදායම රුපියල් මිලියන 11 ක් පමණ වනවා. ඒ අනුව ඊයේ වාර්තා වූ ආදායම සාමාන්‍ය දිනක ආදායමට වඩා රුපියල් මිලියන 6 ක් වැඩියි.