Friday, September 20, 2024

General line - 0115112241

කිමිකෝ රහීම් සහ කයිල් අබේසිංහ වාර්තා හයක් අලුත් කරයි




අන්තර් ජාතික පිහිනුම් සම්මේලනය විසින් සංවිධාන කෙරුණු 13 වන ලෝක ශූරතා පිහිනුම් තරගාවලියේදී නව ශී‍්‍ර ලංකා වාර්තා 6 ක් බිහි කිරීමට කිමිකෝ රහීම් සහ කයිල් අබේසිංහ සමත් වුණා. කැනඩාවේ පැවැත්වුණු මෙම තරගාවලිය නිමාව දුටුවේ ඊයේ (11)දිනයේයි.

කිමිකෝ රහීම් මෙහි දී පිහිනුම් ඉසව් හයකට සහභාගී වූ අතර නව ශී‍්‍ර ලංකා වාර්තා 3 ක් බිහි කිරීමට ඇය සමත් වුණා. ඒ, මීටර් 50 පසුපසආර, මීටර් සියය පසුපසආර සහ මීටර් දෙසියය පසුපසආර යන ඉසව්වලින්.

කයිල් අබේසිංහ පිහිනුම් ඉසව් 4 කට සහභාගි වූ අතර නව ශී‍්‍ර ලංකා වාර්තා 2ක් බිහි කිරීමට ඔහු සමත් වුණා. ඒ, මීටර් 200 නිදහස්ආර පිහිනුම් ඉසව්වෙන් සිය සොහොයුරා වන මැතිව් අබේසිංහ පිහිටුවා තිබූ ශී‍්‍ර ලංකා වාර්තාව සහ මීටර් 200 කේවල මිශ‍්‍ර ආර ඉසව්වෙන් එෂාන් උනම්බුව පිහිටුවා තිබූ ශී‍්‍ර ලංකා වාර්තාවයි.

1977-1068x712 2033 15355705_1277692862253160_1482518912930671640_n 15439823_1284742238214889_7092010350257468203_n kyle-abeysinghe-and-kimiko-raheem kyle-abeysinghe-saac-2