Friday, September 20, 2024

General line - 0115112241

වර්ධා සුළි කුණාටුව ශ‍්‍රී ලංකාවෙන් ඉවතට




ශ‍්‍රී ලංකාවට බලපෑම් කළ වර්ධා සුළි කුණාටුව මේ වනවිට දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් වර්ධා සුළි කුණාටුව තවදුරටත් සුළු වශයෙන් හෝ ශ‍්‍රී ලංකාවේ කාලගුණයට බලපෑම් කරනු ඇතැයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් සඳහන් කළා.

දිවයින වටා මුහුදු ප‍්‍රදේශයේ ද සුළං සහ වැසි ඇතිවිය හැකි බවයි ඔහු කියා සිටියේ. ධීවර සහ නාවික ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් තවදුරටත් විමසිල්ලෙන් පසුවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.