Monday, December 23, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවෙන් උගත හැකි පාඩම් ගැන තජිකිස්ථාන් ජනාධිපති කියයි




ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා සිය රටට බොහෝ පාඩම් ශ‍්‍රී ලංකාවෙන් උගත හැකි බව තජිකිස්ථාන් ජනාධිපති ඉමෝමාලි රාමෝන් පවසනවා.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින තජිකිස්ථාන ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිස අද (13) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළා.

ජනාධිපති කාර්යාලයේ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී දෙරටේ සබඳතා වර්ධනය කරගැනීම සඳහා තාක්ෂණික හුවමාරුව මෙන්ම තරුණ සංවර්ධනය ආදී ක්ෂේත‍්‍ර පිළිබඳ දෙරටේ නායකයින් වැඩි අවධානයක් යොමුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දේශපාලන, සංචාරක හා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයන් හි සහයෝගීතාව වර්ධනයට අදාළ ගිවිසුම්වලට මෙන්ම සංචාරක ක‍්‍රමෝපායන් හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ගිවිසුමක් සඳහා වන කෙටුම්පතකට ද දෙරටේ රාජ්‍ය නායකයින් මෙහිදී අත්සන් තැබුවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධය අංශය නිවේදනය කළේ.