Friday, September 20, 2024

General line - 0115112241

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1300ක්




ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1340ක සහන ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිඛෙනවා.

මුදල් අමාත්‍ය රවි කරුණානායක පැවසුවේ මෙම සහන ණය මුදල ඉදිරි වසර 3ක කාලය ඇතුළත ශ්‍රී ලංකාවට හිමිවන අතර එය වසර 15කින් ගෙවා නිම කිරීමේ සහන කාලයක් ලබාදී ඇති බවයි.

2017 වසරේදී ශ්‍රී ලංකාව මැදි ආදායම් සහිත රටක් බවට පත් කිරීමට නියමිතයි. ඒ අනුව මෙරට ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4000ක් පමණ වන බවයි මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

එවැනි තත්වයක් තුළ ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලැඛෙන සහන ණය ප්‍රමාණය අඩු කිරීම සාමාන්‍ය තත්වයක්.

එහෙත් රට නැවත අලූත් ගමනක් ආරම්භ කර ඇති මොහොතක දැනට ලබා දෙන සහන පදනම මත මෙම ණය මුදල හිමිවන බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.