Friday, September 20, 2024

General line - 0115112241

මුස්ලිම් තරුණයින් අවි අතට ගනීයි යැයි කී ඇමති හිස්බුල්ලා නැගෙනහිර සිංහල මුල් පදිංචිකරුවන් ගැන කතා කරයි




නැගෙනහිර පළාතේ සිංහල මුල් පදිංචිකරුවන් යළි එම පළාතේ පදිංචි කරවීමට උපරිම සහාය ලබාදීමට සූදානම් බව පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසනවා.

එම පළාතේ පදිංචි කිසිදු මුල් පදිංචිකරුවෙකු ඉවත් කිරීමක් සිදු නොකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය කාලසීමාවේ නැගෙනහිර පළාතේ පදිංචි සිංහල ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් විවිධ වාදවිවාද ඇති වුණා.

එ් පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඉස්ලාම් ආගමට දිගින් දිගටම එල්ල වන අපහාස නතර නොවන්නේ නම් මුස්ලිම් තරුණයින් අවි අතට ගැනීම වැළැක්වීමට තමන් ඇතුළු මෙරට මුස්ලිම් දේශපාලනඥයින්ට නොහැකි වනු ඇතැයි අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පසුගියදා ප්‍රකාශ කර තිබුණා.