Friday, September 20, 2024

General line - 0115112241

නංගි වෙනුවට සා.පෙළ විභාගය ලියූ අක්කාට වැඩ වරදී




සිය බාල සොහොයුරිය වෙනුවට මෙවර අධ්‍යාපන පොදුසහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇගේ වැඩිමහල් සොහොයුරියක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සුචී ජාතික පාසලේ විභාගයට පෙනී සිටි සිසුවියකගේ සොහොයුරියක්. විභාග ශාලාධිපතිවරයා මේ පිළිබඳ පොලීසියට පැමිනිලි කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයේදී ඇය ඉංගී‍්‍රසි ප‍්‍රශ්න පත‍්‍රය සඳහා පෙනී සිටි ඇති බවයි පොලිසිය පැවසුවේ. හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඉකුත් දෙසැම්බර් 6 වැනිදා ආරම්භ වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයන් ගණන හත්ලක්ෂයක් පමණ පෙනී සිටියා. මෙවර විභාගයේදී විභාග අක‍්‍රමිකතා සිද්ධීන් 4ක් පමණක් වාර්තා වූ බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර පැවසුවේ.

ඒවා විභාග අපේක්ෂකයන් වෙනුවට වෙනත් අපේක්ෂකයන් පෙනී සිටීමේ සිද්ධීන් බවත් ඊට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කළ බවත්, විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.