Saturday, May 18, 2024

General line - 0115112241

අවි අතට ගන්නේ නැහැ – මාධ්‍ය වරද්දා වාර්තා කිරීමක්




අවි අතට ගෙන දේශපාලන ගැටලූවලට පිළිතුරු සෙවීම වර්තමානයට නොගැලපෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්තී‍්‍ර නලීන් හේවගේ මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ නැවත තහනම් කිරීමට කටයුතු කළහොත් 88, 89 කාලය මෙන්  ආයුධ අතට ගැනීමක් සිදුවනු ඇතැයි ඔහු ප‍්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් නලින් හේවගේ මහතාගෙන් විමසුවා.

තමාගේ කතාව වෙලාවේ 88/89 වකවානුවේ අවි අතට ගැනීමට බලපෑ කරුණු විග්‍රහ කළ බවත්, කිසි විටකත් නැවත අවි අතට ගන්නා බව එම කතාවේදී නොපැවසූ බවත් පැවසුවා. මේ සමය අවි අතටගෙන රාජ්‍ය බලය අල්ලාගත හැකි කාලයක් නොවන බව පැවසූ හෙතෙම, තම කතාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස පැවසූවේ එය මාධ්‍ය මගින් වැරදි ලෙස ප්‍රචාරය කරනු ඇතැයි විශ්වාස කළ නිසා බවය.