අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ ගුරුවරයෙක් සහ සිසුවෙක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලැබූ 17 හැවිරිදි සිසුවියක් බවට සැක පළ කෙරෙනවා.
වෙඩි තැබීමෙන් පසු ඇයද සියදිවි හානි කරගෙන ඇති බවටයි විස්කොන්සින් ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ.
එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
වෙඩි තැබීමට යොදාගත් බවට සැක කෙරන ගිනි අවිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එම වෙඩි තැබීමට හේතු වූ කරුණු පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවයි විස්කොන්සින් ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.