Saturday, January 4, 2025

General line - 0115112241

සුසන්තිකා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට (UPDATE)




උණ රෝගයක් හේතුවෙන් දියතලාව රෝහලට ඇතුළත් කෙරුණු ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

සුසන්තිකාට ඩෙංගු උණ වැළඳී ඇති බවටයි වෛද්‍යවරු සැක පළ කරන්නේ.

ඇයගේ රුධිර අගයන් ප්‍රමාණය සීඝ්‍රෙයන් පහළ ගොස් තිබූ හෙයින් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.


සුසන්තිකා රෝහල් ගත කරයි

(Dec 27, 2016 @ 15:12)

ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ රෝහල් ගත කර තිබෙනවා.

අද (27) පෙරවරුවේ ඇයව උණ රෝගයක් හේතුවෙන් දියතලාව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති බවයි වාර්තා වෙන්නේ.