Saturday, April 20, 2024

General line - 0115112241

‘‘තිරසර යුගයක සංවර්ධන දැක්ම’’ එළිදක්වයි (UPDATE)




‘‘තිරසර යුගයක සංවර්ධන දැක්ම’’ අද එළිදක්වනු ලැබුවා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයේදීයි.

එහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ රට තුළ ඇති ආදායම් විශමතාවයන් අවම කිරීම සඳහා කටයුතු කළ යුතුව ඇති බවයි.

රට තුළ සිදුවන ආහාර විනාශය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහි දී අදහස් පල කළා. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මිනිසා විසින්ම රටේ විශාල ආහාර කොටසක් විනාශ කර දමන බවයි.

මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද එක්ව සිටියා. අගමැතිවරයා පෙන්වා දුන්නේ රටේ ආර්ථික වර්ධනයත් සමග සමාජ සංවර්ධනයකුත් ඇති විය යුතු බවයි. ඒ සඳහා සමාජ කාරණා ගනනාවක් වර්ධනය කළ යුතුව ඇති බවත් පෙන්වා දුන්නා. මෙම කරුණ ගැන අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාව පරිසරයේ ආරක්ෂාව පිළිබඳවද සිතා කටයුතු කරන බවයි අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ. මේ සියල්ලක් සඳහා සමබර සංවර්ධනයක් ඇති කළ යුතු බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපතිවරයාගේ 2030 වර්ෂය දක්වා වූ තිරසාර සංවර්ධනය දැක්ම පිළිබඳ වැඩසටහන විද්වත් මණ්ඩලයකට ඉදිරිපත් කිරීම ද මෙහි දී සිදු කෙරුණා.


ජනපති සියලු ගොවියන්ගේ සහාය පතයි

(an 2, 2017 @ 05:20)

නව වසර මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කෙරෙන වසරක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා සඳහන් කළේ අදින් ආරම්භ වන ‘‘ තිරසර යුගයක – තෙවසර ඇරඹුම’’ ජාතික වැඩසටහන යටතේ මෙරට කෘෂිකර්මාන්තයේ පරිවර්තනයන් රැසක් සිදු කෙරෙන බවයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේ පොළොන්නරුව දිස්ත‍්‍රික් ගොවි නායකයින් සමග පැවති හමුවකට එක්වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ අදාළ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සියලු ගොවි ජනතාවගේ ද සහය අපේක්ෂා කරන බවයි.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ දී ඇති ගැටළු කිහිපයක් පිළිබඳව ද මෙම හමුවේ දී ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වුණා.

ඉදිරි සංවර්ධන සැලසුම් සමග එම සියලු ගැටළුවලට විසඳුම් ලබාදෙන බවයි එහි දී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

ගොවි පවුලක උපන් තමා මෙරට කිසිඳු ගොවි පවුලක් කුසගින්නේ තැබීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ අතර තිරසර යුගයක් තේමා කරගත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සමාජ, ආර්ථික හා පරිසර හිතකාමී රටක් බිහි කිරීමේ ප‍්‍රාර්ථනාව අද (02) ප‍්‍රකාශයට පත් කෙරෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක සඳහන් කළේ ඉදිරි වසර පුරාම රටේ වේගවත් සංවර්ධනයක් ඇති කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්ක හා බැඳුණු ශ‍්‍රී ලංකාවක් බිහි කිරීම මෙහි ප‍්‍රධාන අරමුණයි.