රණවිරු සේවා අධිකාරිය මගින් ඉකුත් වසරේ සිදු කළ කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව එහි උපසභාපති උපුලංගනී මාලගමුව පවසනවා.
ඇය මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.
එහිදී ඇය සඳහන් කළේ, නව රජයත් සමග මෙම කටයුතු සිදු කිරීමේ දී බොහෝ දේ වෙනස් කරමින් වන ක්රමවේදයන් යටතේ ක්රියා කිරීමට සිදුවීම හේතුවෙන් ඇතැම් විට යම් ප්රමාදයන් සිදු වූ බවයි. එහෙත් මේ වසරේදී එම කටයුතු කඩිනම් කර ගනිමින් වඩා සාර්ථක කර ගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළා.
මෙම වර්ෂයේ දී විශේෂ වැඩ කටයුතු කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.