සීමා නීර්ණය කමිටුව නියෝජනය කරන ශ්ර්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයා වන හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් එම කමිටුවේ අවසන් වාර්තාවට අත්සන් තබා තිබෙනවා.
කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. ඒ අනුව අදාළ කමිටු සාමාජිකයන් අතරින් එම වාර්තාවට අත්සන් තබා නැත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නිතීඥ මිස්බාර් සතාර් පමණයි.
කමිටුවේ සියලුම සාමාජිකයන් වාර්තාවට අත්සන් තබන තුරු එය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඉකුත් දා ප්‍රකාශ කළා.
ඒ අනුව සීමා නිර්ණ වාර්තාව ප්‍රමාද කරමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට උත්සහ දරන්නේ එක්සත් ජාතික පක්ෂය බවයි කැෆේ සංවිධානය පවසන්නේ.