යෝජිත හම්බන්තොට ආයෝජන කලාපය සම්බන්ධයෙන් ඉදිරියේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් එය සිදු කරනු ඇති බවයි පැවසෙන්නේ.
අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ හම්බන්තොට ආයෝජන කලාපයට අදාළ සියලු ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි.
හම්බන්තොට ඉඩම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පල කළා.
එහිදී ඔහු සඳහන් කළේ නිරිත දිග තීරුව ආර්ථික තීරුවක් ලෙස ඇති කිරීම රජයේ ඉලක්කය වී ඇති බවයි. කෙසේවෙතත් මෙම හම්බන්ටතොට අදාළ ඉඩම් හඳුනා ගැනීමට දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සහ හිටපු කතානායක චමල් රාජපක්ෂ වෙත පැවරූ බවත් සඳහන් කළා.