හම්බන්තොට ප්රදේශය ආශ්රිතව ඊයේ (07) ඇති වූ නොසන්සුන්තාවට මුල් වූයේ කොළඹින් පැමිණි පිරිසකගේ ක්රියාකලාපය බව පාර්ලිමේන්තු මන්ත්රී චමල් රාජපක්ෂ පවසනවා.
ඔහු කියා සිටියේ එසේ නොවන්නට තත්වය මෙතරම් බරපතල නොවන්නට තිබූ බවයි. චමල් රාජපක්ෂ මන්ත්රීවරයා මේ බව සඳහන් කළේ නෙත් නිවුස් වෙත අදහස් පළ කරමින්.
විරෝධතාකරුවන් ඊයේ විරෝධතාවයේ නිරත වූයේ හම්බන්තොට වරාය පරිශ්රය, ගුවන් පාලම ආශ්රිත ප්රදේශය, පරිපාලන ස්ථාන සහිත ප්රදේශ සහ මහාමාර්ගවල දින 14 ක් යන තෙක් උද්ඝෝෂණ කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබියදීයි.
අධිකරණය මෙවැනි නියෝගයක් නිකුත් කරමින් තිබිය දී විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගෙන් ද විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ අධිකරණය මගින් වාරනයක් නියම කර තිබූ මාර්ග වෙත පිරස ගමන් නොකළ බවයි. උසාවි තීරණයට ගරු කරමින් සිදු කළ සත්යග්රහාය පොලිසිය පහර දුන් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. රාජ්ය ආයතන විකිණීමට විරෝධය පාන ජනතාවට යහපාලන ආණ්ඩුව පිළිතුරු දෙන්නේ බැටන් පොලුවලින් බවද ඔහු පැවසුවා.
හම්බන්තොට ඊයේ ඇති වූ සිද්ධියට විරෝධය පල කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ජාතික භික්ෂු පෙරමුණ ද නිවේදන නිකුත් කර තිබුණා.