හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීන සමාගම සමග ඇතිකර ගන්නා ගිවිසුම රටට වාසිදායක අයුරින් සකස් කර ගැනීමට තවදුරටත් උත්සහ ගන්නා බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.
ගාල්ලේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ අදාළ ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට හිමිවන කොටස සියයට 40ක් දක්වා වැඩිකර ගැනීමට තවදුරටත් සාකච්ඡා පවත්වන බවයි.
යෝජිත ගිවිසුම රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතු කරන්නක් බව ද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සඳහන් කළා.
හම්බන්තොට වරායෙන් සහ මත්තල ගුවන් තොටුපලෙන් නිසි පරිදි ප‍්‍රයෝජනය නොගැනීම පිළිබඳ තමන් කණගාටුවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.