නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන යටතේ සංවිධාන කෙරෙන සමාජ සත්කාරක ව්‍යාපෘතියක තවත් අදියරක් අදට යෙදී තිබෙනවා.
මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතියේදී සිදුකෙරෙන්නේ තෝරාගත් පාසල් කිහිපයක දරු දැරියන් වෙනුවෙන් නව වසර සඳහා පාසල් පොත් සහ උපකරණ ලබාදීමයි. නවසීලන්ත – ශ්‍රී ලංකා පදනම ඒ සඳහා අනුග්‍රහය දක්වනවා.
අද දිනයේදී මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය සිදුකෙරෙන්නේ ගාල්ල බළගොඩ මහා විද්‍යාලයේයි.
දරු දැරියන් 551 දෙනෙකු සිටින එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 37 දෙනෙක්. දරු දැරියන් සඳහා පාසල් පොත් සහ උපකරණ ලබාදීමට අමතරව ඉහළ ශ්‍රේණිවල දරු දැරියන් වෙනුවෙන් සාර්ථකත්වයට මග පෙන්වන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් පුහුණු සැසියක් ද මෙහිදී පැවැත්වෙනවා.