පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එ් රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව යටතේයි. අත්අඩංගුවට ගැනුනු මන්තී‍්‍රවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විමල් FCIDයට
Jan 10, 2017 @ 10:45
ප්‍රකාශයක් ලබා දීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබෙනවා.
ඒ, රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළවයි. අද පෙරවරු 9.30ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනි සිටින්නැයි මන්ත්‍රීවරයාට දැනුම්දිමක් සිදු කර තිබුණා.
ඒ අනුව ඔහු එම කොට්ඨාසය හමුවේ පෙනී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසූවේ.