Monday, December 23, 2024

General line - 0115112241

තදබදය නිසා කටුනායක ගුවන් තොටේ රේගු දැළ පුළුල් කෙරේ




කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිදු කෙරෙන නවීකරණය කිරීම හේතුවෙන් පවතින මගී තදබදයත් සමග රේගු මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කර තිබෙනවා.

නියෝජ්‍ය රේගු අධ්‍යයක්ෂ පරාක‍්‍රම බස්නායක සඳහන් කළේ ගුවන් තොටුපළේ ඇති සියලුම රේගු මෙහෙයුම් කවුළු මේ වනවිට විවෘත කර ඇති බවයි.

විදේශයන්හි සිට විවිධ ජාවාරම්කරුවන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා දෛනිකව ශ‍්‍රී ලංකාවට පැමිණෙනවා. එහෙත් රේගු නිලධාරින්ගේ මෙහෙයුම්වලින් ඔවුන් අත්අඩංගුවට ගැණෙන බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක‍්‍රම බස්නායක සඳහන් කළේ. කෙසේ වෙතත් දැනට පවතින මගී තදබදය යටතේ එම මෙහෙයුම් තවදුරටත් දැඩි කරන බවයි ඔහු අවධාරණය කළේ.